මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ තිබෙනවා.

ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100ක් සේවයේ යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
0
+1
13
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්