මෙක්සිකෝවේ සිට මාතරට පැමිණි සැකකටයුතු කුරියර් පාර්සලය

මෙක්සිකෝවේ සිට මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පැමිණි සැකකටයුතු කුරියර් පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කරන ලද අතර, එහි තිබී Methamphetamine නමැති මත්ද්‍රව්‍ ග්‍රෑම් 650 ක් ඉතා සූක්ෂම ලෙස බෑගයක් තුල සගවා තිබී සොයාගන්නා ලදී.

මෙම පාර්සලය රැගෙන යාමට පැමිණි සැකකරු ද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ට හැකිවිය. මෙම මත්ද්‍රව්‍ය වල වීදි වටිනාකම මිලියන 13ක් පමණ වන බවට තක්සේරු කරන ලද අතර, මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ සිට පැමිණ අත්අඩංගුවට ගන්නා ලද පලමු Methamphetamine තොගය මෙය වන අතර, එය සුවිශේෂ වැටලීමක් ලෙස හැදින්විය හැක.

මේ පිලිබදව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍ය්ංශයේ නිලධාරීන් ද ඒ සදහා සහයෝගය ලබා දෙයි.

https://youtu.be/uasA8e9n_lw