මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන්න ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට තීරණයක්

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතීත්වයෙන් මෙම විශේෂ කාරක සභාව පළමුවරට පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී කාරක සභාවේ ඉදිරිවැඩකටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදු කෙරුණා.

ඒ අනුව අදාළ ප්‍රවීණයන් කවුරුන්ද යන්න යෝජනා කරන ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දුන්නේ.

මේ අතර, විපක්ෂය ගෙන ආ යෝජනාවක් අනුව පත්කළ මෙම කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ නියෝජනයක් විය යුතු බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ඇති බැවින් මේ පිළිබඳව කථානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කළ යුතු බවත් මෙම රැස්වීමට‍ සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, රට බංකොලොත්භාවයට ලක්වන විට රට පාලනය කිරීමේ වගකීම දැරූ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම කමිටුවේ ස්වාධීනත්වයට බාධාවක් බැවින් කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවයි රාසමාණික්කම් මහතා සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ මෙම කාරක සභාව දේශපාලන කාරක සභාවක් නොවන බවත්, යෝජනාව ගෙනෙන පක්ෂයෙන්ම සභාපතිවරයා පත්විය යුතු බවට සම්මතයක් නොමැති බවයි.

එසේම, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත්කිරීමේ දී, සම්ප්‍රදායට අනුව කාරක සභාවේ ව්‍යුහයට අනුව ආණ්ඩු පාර්ශ්වයට වැඩිම නියෝජනයක් සහ විරුද්ධ පාර්ශ්වයට අඩු නියෝජයනයක් ලබා දෙන බව ඔහු පෙන්වා දෙනු ලැබුවා. එසේම කාරක සභාවේ ස්වාධීනත්වය පවතින්නේ කාරක සභාවේ සාමාජිකයන් මත නොව කමිටුව ක්‍රියාකරන ආකාරය මත බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජිකයන් වන අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාසමාණික්කම් සහ රංජිත් බණ්ඩාර යන සහභාගී වූණා. මේඅතර, පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන වැඩ බලන අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39