මූඩියක් උගුරේ සිර වී දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට (ඡායාරූප)

ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අකුරැස්ස, තලහගම ප්‍රදේශයේ කුඩා දරුවෙක් ඊයේ (15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දකුත් දින 15ක් වයසැති කුඩා දැරියක්.

සිය 07 හැවිරිදි වැඩිමහල් සොයුරා සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සිටින අතර තුර දැරිය ආලේපන කුප්පියක මූඩියක් මුව තුළට දමාගෙන තිබෙනවා.

එම අවස්ථවේ දී සොහොයුරා එය ඉවතට ගන්නට උත්සාහ කළද එය සාර්ථක වී නැහැ.

පසුව ඔහු කෑගසා උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ දී මව, පියා, සහ මිත්තණියට පැමිණ එය පිටතට ගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබෙනවා.

අනතුරුව දැරියව කඹුරුපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, දැරිය රෝහලට රැගෙන එන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළේ.

දැරියගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) පැවැත්වීමෙන් අනතුරුව දේහය ඇයගේ දෙමව්පියන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43