මුළු ගමක්ම කම්පා වෙයි! මාමා සී සාද්දී දරුවා ට්‍රැක්ටරයකට යට වෙයි

වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී අවුරුදු 5 ක් වයසැති කුඩා දරුවෙකු සී සාමීන් තිබූ ට්‍රැක්ටරයක නගුලට හසුවීමෙන් ඊයේ (21) දින මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසනවා.

මිය ගිය දරුවාගේ මාමා විසින් ට්‍රැක්ටරයෙන් ඉඩමේ වගාවක් සඳහා සී සාන අවස්ථාවේදී මිය ගිය දරුවා සමග තවත් දරුවෙකු අසල සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී එක වරම කුඩා දරුවෙකු ට්‍රැක්ටරය තුලට රිංගීමෙන් නගුලට හසුවී බරපතල තුවල ලබා ඇති අතර දරුවා එම අවස්ථාවේදිම වව්නියාව මහ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මිය ගොස් සිට ඇති බවටද රෝහල වෛද්‍යවරුන් පැවසූවා.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණවලදී හෙලි වී ඇත්තේ දරුවා යම් විටක ට්‍රැක්ටරයේ කැරකෙන නගුල බැලීමට එකවරම රිංගීමට ගත් උත්සහයකදී නගුලට හසුවී මෙලෙස මිය ගොස් ඇති බවට සැක පල කරන බවයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලමොට්ටෙයි ප්‍රදේශයේම පදිංචි 05 හැවිරිදි කේ.කදීසන් නැමති පිරිමි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40