මුහුදේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරූ මෙහෙයුම

හික්කඩුව මුහුදේ දියවැලකට ගසාගෙන ගිය විදෙස් ජාතිකයකු බේරාගැනීමට නාරිගම පොලිස් ජීවිතාරක්ශක ඒකකය සමත්ව තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා දියවැලකට හසුව මුහුදේ මීටර් 500ක් පමණ ඈතට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ශක ඒකකයේ නිලධාරීන් එම විදෙස් ජාතිකයාව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 39ක රුසියානු ජාතිකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?