මුහුණු පොතේ පෙම්වතා හමුවු පළමු දිනම පෙම්වතියගේ ලක්ෂ දෙකක රන් භාණ්ඩ වලට විදලා

මුහුණු පොතෙන් හඳුනා ගත් තරුණයෙකුගේ ඇරයුමෙන් බෙන්තොට ප්‍රදේශයේ දී පළමු වරට හමුවූ විසි හැවිරිදි තරුණියගේ ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක් පෙන්ඩනයක් හා මුද්දක් ඇතුළු රන් භාණ්ඩ කිසියම් මත් පානයක් බොන්නට දී ගලවාගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ආඳාවල ප්‍රදේශයේ පදිංචි මෙම විසි හැවිරිදි තරුණිය මීට ටික කලකදී ජංගම දුරකථනයෙන් චැට් කර හඳුනාගත් අලුත්ගම කාලවිල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු හා පළමුවරට (17) පෙරවරුවේ හමුවීමට බෙන්තොට ප්‍රදේශය තෝරාගෙන ඇත. එහිදී දෙදෙනා මුහුදු වෙරළ ආශ්‍රිතව හමු වි කතා කර අවන්හලකට ගොස් එහිදී තරුණයා ලබාදුන් කිසියම් බිමකින් ඇය මත් වී ඇති අතර පසුව බලන විට ඇය පැළඳ සිටි රන් භාණ්ඩ නැති බව දැනගෙන දර්ගා නගරය අඹගහ හන්දියතෙක් පැමිණ ජංගම දුරකථනය වෙළඳසැලක කාන්තාවගේ උදව් ඉල්ලා මේ බව පවසා තිබේ.

පසුව ඇය ජංගම දුරකතනයේ තිබූ එම තරුණයාගේ ඡායාරූපයක් අවට සිටි පිරිස වෙත පෙන්වීමෙන් ඔහු කාලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව දැනගෙන තිබේ. ඒ අනුව සිද්ධිය වූයේ බෙන්තොට ප්‍රදේශයේ බැවින් බෙන්තොට පොලීසියට එම තරුණිය සිය මව සමඟ ගොස් පැමිණිලි කර තිබේ .

එහිදී ක්‍රියාත්මක වූ බෙන්තොට පොලිසිය ඊට සම්බන්ධ තරුණයා සොයා නිවසට යනවිටත් ඔහු එම නිවසින් පලා ගොස් ඇති බව අනාවරණය වීමෙන් මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීමට ඔහුගේ පියාට පොලීසියට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ. ඒ අනුව කළ සොයා බැලීමේදී සිද්ධියට මුහුණ දුන් තරුණියගේ රන් භාණ්ඩ අලුත්ගම ප්‍රදේශයේ පෞද්ගලික රන් භාණ්ඩ උකස් ස්ථානයකට උගස්කර ලබාගත් මුදල් ද රැගෙන එම සැකකාර තරුණයා නිවසින් පලාගොස් තිබේ.

එහිදී සැකකාර තරුණයාගේ පියා එම රන් භාණ්ඩ නැවත ලබා දීමට පොරොන්දු වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ඇති අතර බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32