මුහුණු පොතෙන් හඳුනා ගත් ලොකු ලොක්කන් නිරුවත්කර සල්ලි ගැරූ සුරුපිණිය

මුහුණුපොත හරහා ව්‍යාපාරිකයින් හා රටේ වැදගත් නිලතල දරන පුද්ගලයන් සමග මිතුදම් ඇතිකර පසුව උපක්‍රමශිලීව ඔවුන්ගේ නිරුවත් ජායාරූප ගෙන්වා එම පින්තුර ප්‍රසිද්ධ කරන බව කියමින් කප්පම් ලබා ගැනීමේ නිරතව සිටි 28 හැවිරිදි දෙදරු මවක් හා ඇගේ මාමා අක්කරෙයිපත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු මව සතු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ව්‍යාපාරිකයින්, බැංකු කේෂ්ත්‍රයේ පිරිස්, වෛද්‍යවරුන් හා මිල මුදල් යහමින් ඇති 25 දෙනෙකුට ආසන්න පුද්ගලයන්ගේ ජායාරූප තිබී පොලිසිය සොයාගෙන ඇත.

සැකකාර කාන්තාවට මෙලෙස කප්පම් ලබා ගැනීමට සහාය දී ඇත්තේ ඇගේ මාමා බවත් “ෆේස්බුක්” ඔස්සේ කාන්තාව සහ මිත්‍රවන පුද්ගලයින්ට තර්ජනය කරමින් මුදල් කප්පම් ඉල්ලා ඇත්තේ ඇගේ මාමා බවට කරුණු හෙළිවී ඇති බවයි අක්කරෙයිපත්තුව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මෙම කාන්තාවට රැවටුණු පුද්ගලයින් ඇයට ලක්ෂ ගණනින් මුදල් ඒවා ඇති බව පොලිසිය පවසනවා. අක්කරෙයිපත්තු පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතු එක් පුද්ගලයෙකු පවසා ඇත්තේ තමන් එලෙස රැවටීමෙන් කෝටි දෙකකට ආසන්න මුදලක් ඇයගේ ගිණුමට බැර කළ බවයි.

එමෙන්ම එම මුදලින් මෙම කාන්තාව සිය නිවස අලුත්වැඩියා කර ගැනීම් සහ ගෘහ භාණ්ඩ මිලදී ගෙන ඇත.

මෙලෙස මෙම කාන්තාවට රැවටී මුදල් ලබාදුන් අයගේ පැමිණිලි මේ වන විට අක්කරෙයිපත්තුව පොලිසිය වෙත ලැබෙමින් පවතින බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

පොලිසිය පවසන අන්දමට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙලෙසයි…

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගේ බිරියගේ නැඟණිය මෙම ජාවාරමේ සුරූපිනිය වන බවයි පොලිසිය පැවසුවේ.

ඇගේ මාමා විසින් මුහුණු පොත හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සොයා ගන්නා ව්‍යාපාරිකයින් ඇතුළු මිල මුදල් යහමින් ඇති අය හා රටේ නම ගිය අයගේ තොරතුරු හා දුරකථන අංක ඇතුලත් ෆේස්බුක් පොස්ට් සිය දියණියට ලබා දීමෙන් පසු ඇය එම මුහුණු පොත්වල පෙනී සිටින එවන් අයට කෙටි පණිවිඩ හා මිස් කෝල් දෙමින් ඔවුන් සමග සම්බන්ධකම් ඇති කර ගෙන ඇත.

මෙලෙස දිගින් දිගටම සම්බන්ධකම් පවත්වාගෙන යමින් ඔවුන් හා මිත්‍රවන ඇය ක්‍රමයෙන් පින්තූර හුවමාරු කර ගැනීමද සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඇගේ පින්තුර ලෙස අපැහැදිලි පින්තුර එලෙස යැව්වද ඇය එම පුද්ගලයින්ගෙන් නොයෙකුත් පින්තුර මෙන්ම නිරුවත් පින්තුර සහ නිරුවත් වීඩියෝපටද ලබා ගැනීම සිදුකරන බව පොලිසිය කරුණු අනාවරණය කර ගෙන ඇත.

නිරුවත් පින්තුර ලබා ගැනීමෙන් පසු ඇය එම සබඳතා නතර කරන බවත් ඉන්පසු එම පුද්ගලයා අමතන්නේ ඇගේ මාමාය. සිය දියණියට නිරුවත් ජායාරූප සහ වීඩියෝ ඒවා ඇත්තේ ඇයි දැයි ප්‍රශ්න කරනසැකකාර මාමා, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවත් නැතහොත් එම නිරුවත් පින්තුර හා වීඩියෝපට අන්තර්ජාලයට දමන බවත් ඔහු දැනුම්දෙන බව පොලිසිය හෙළිකර ගෙන ඇත.

මින් බියට පත්වන නිරුවත් පින්තුර එවූ පුද්ගලයින් පොලිසි නොයන ලෙසත් තම පින්තූර අන්තර්ජාලයට නොදමන ලෙසට බෑගෑපත් වන බවත් ඒ වනවිට සැකකරු එසේ නොකිරීමට නම් මුදල් ලබා දෙන ලෙසට තර්ජනය කරන බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය මේ බව අනාවරණය කර ගෙන තිබුනේ එම කාන්තාට රැවටී රුපියල් ලක්ෂ 06ක් කප්පම් වශයෙන් ගෙවූ තැනැත්තෙකු ගෙන්ය.

එම රුපියල් ලක්ෂ 06 ලබාදීමෙන් පසු සැකකාර මාමා ඔහුගෙන් තවත් රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර පසුව එම පුද්ගලයා මේ බව අක්කරෙයිපත්තුව පොලිසිය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පොලිසිය ලබාදුන් උපදෙස් අනුව සැකකාරිය සමග දිගින් දිගටම දුරකථන සංවාද දෙමින් සබඳකම් පවත්වාගෙන ගොස් ඇති පැමිණිලිකරු ඉතිරි රුපියල් ලක්ෂය ලබාදීමට පැමිණීමේදී සැකකාරිය සහ ඇයගේ මාමා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය කලින් විවාහ වි දරුවන් දෙදෙනෙකු සිටින මවක් බවත් ඇය මේවන විට දික්කසාද වී සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සමාජ මාධ්‍ය ජාලා හා මුහුනුපොත ඔස්සේ මෙම කාන්තාව හඳුනාගත් රටේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් ඇගේ බහට හසුවී ඇගේ ජංගම දුරකථනය ඉදිරියේ නිරුවත්වී ඇති බවද අක්කරෙයිපත්තුව පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08