“..මුලින්ම මැසේජ් එව්වේ.. පස්සෙ ඒ මාමා ….. පටන් ගත්තා..”

ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට සිය 15 හැවිරිදි දියණියට මව විසින් මිලදී ගෙන තිබූ නවීන පන්නයේ ජංගම දුරකතනයට අසභ්‍ය වැකි ඇතුළත් කෙටි පණිවුඩ යවා පසුව දැරියට ලිංගික අතවර කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

එක්දරු පියෙකු වන මොහු “චූන්පාන්” අලෙවිකරුවෙකු බවයි හෙළි වී ඇත්තේ.
මෙම සැකකාර පුද්ගලයා දැරියගේ මවගේ අනියම් සැමියා යි.

සිය දියණියගේ ජංගම දුරකතනය මව විසින් පරීක්ෂා කර බැලූ අවස්ථාවේ අසභ්‍ය වචන සහිත කෙටි පණිවුඩ තිබෙන බව දැක තිබෙනවා.

මේවා එවා ඇත්තේ අනියම් සැමියා බව දැනගත් දැරියගේ මව ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු ඇයට (මවට) පහර දී ඇත් බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර පුද්ගලයාගෙන් තමාට ලිංගික අතවර සිදුවී ඇති බව දැරිය පවසා තිබෙනවා.

මාරවිල පොලිස් බලප්‍රදේශයේ පදිංචි මේ කාන්තාව සිය දියණිය කළ ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ශ්‍රීනාත් ප්‍රසන්න
ලංකාදීප..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03