මුල්ලේරියාවේ මියගිය දරුවාගේ සීයාට ඇප

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩ බිමකදී කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දරුවාගේ සීයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

දරුවා අනතුරට ලක්වන අවස්ථාවේ මෙම පුද්ගලයා දරුවා බලා ගැනීමට වෙනත් අයෙකුට භාරදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගොස් තිබුණා.

ඔහු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතයි.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අදාළ වැඩ බිමේ තණකොළ කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තණකොළ කපන යන්ත්‍රයේ තලය අත්වැරදීමකින් දරුවාගේ සිරුරේ වැදී බරපතල තුවාල සිදුවු බවයි.

මියගිය දරුවාගේ අවසන් කටයුතු අද තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33