මුලතිව් නන්දිකඩාල් මහා වැස්සෙන් යට වේ

ඉකුත් දින කීහිපය පුර මුලතිව් දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ.

ඒ අනුව අද (08) වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් මාර්ග වල ගමනා ගමන කටයුතු වලට මේ හේතුවෙන් සම්පුර්ණයෙන් බාධා එල්ල විය.

ඒ අනුව නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශ මෙහිදී විශාල වශයෙන් යටව ඇති අතර ඒ හේතුවෙන් බොහෝ වගා කොට ඇති කුබුරු ඉඩම්ද යටව තිබේ.මෙයට අමතරව පුදුකුඩිඉරිප්පු ඇතුළු තවත් ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටව තිබේ.