මුන් අපේ සම්බන්ධය කඩලා මාව බලෙන් වයසක මිනිහෙකුට කසාද බැන්දෙව්වා

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. අප්‍රියයන් හා එක්වීම ද දුකකි. දුකට හේතු කාරණා සොයන විට ද්වේෂය මතු වෙයි. ඒ තුළින් තරහ, වෛර හා පළිගැනීම් සිදු වේ.

ශ්‍රියානි වරකාපොළ පදිංචි හැටපස් හැවිරිදි ගෘහනියකි. ඇගේ ස්වාමි පුරුෂයා නන්දන සුළු ව්‍යාපාරිකයෙකි.
ඔවුන්ගේ එකම දුව දීපානි තිස්තුන් හැවිරිදි වියේ පසුවෙද්දී මීට දෙවසරකට පෙර ඩෙංගු රෝගයෙන් මිය ගියාය.

දැන් ශ්‍රියානි වකුගඩු රෝගයෙන් පෙළෙයි. නන්දන හෘදයාබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටී.
මේ අතර ඔවුන්ගේ නිවස පුරා විටින් විට මහත් දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. ආහාරවලට අසාමාන්‍ය ලෙස කුහුඹුවන් වහනය වන්නට විය.

රාත්‍රියට දොර ජනෙල්වලට තට්ටු කරන ශබ්ද ඇහෙන්නට විය. අඩ අඳුරේ නිවස තුළ කළු පැහැති යමක් එහා මෙහා ගමන් කරන අයුරු පෙනෙන්නට විය.
මිය ගිය දියණිය භූත ආත්මයක සිට වෛරයකින් පෙළෙමින් පළිගන්නා බව සාත්තර අහන්නට ගිය තැන්වලින් ඔවුන්ට කියැවී ඇත.

ශ්‍රියානිගේත්, නන්දනගේත් ශාරීරික අසනීපවලට කොතෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ගත්ත ද සුවයක් නොවීය.
නිවසේ පවතින අසාමාන්‍ය තත්ත්වයන්ට විවිධ මට්ටමේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් ආරක්ෂාවක් යෙදුවත් ඒවායින් ද නිත්‍ය සහනයක් නොවීය. අවසානයේ ඔවූහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ පිහිට පතාගෙන පැමිණියහ.

ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී වසර දෙකක සිට තමන්ට එළැඹ ඇති දුක් කරදර පිළිබඳ විස්තර කළහ.
ගවේෂකවරයාගේ ප්‍රථම රෝග පරීක්ෂාවේදීම ශ්‍රියානිගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී වෙවුල වෙව්ලා අඬන්නට විය.

ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.
බෝධි පූජා පවත්වන්නට පටන් ගත් මුල් දිනවල නිවසේ පැවති අසාමාන්‍ය තත්ත්වයන් ඉහළ ගියත් දෙවැනි සතියේ ක්‍රමයෙන් ඒවා පහත බැස්සේය.

බෝධි පූජා පැවැත්වීමත් සමඟ නිවසේ වෙනස්කම් බොහොමයක් දුටු ශ්‍රියානීත් නන්දනත් මේ බව කීමට නැවතත් ගවේෂකවරයා සොයා පැමිණියහ.

ඒ වනවිට කළ යුතු බෝධිපූජා ද අවසන් වී තිබිණ. එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ශි‍්‍රයානි ගේ ශරීරයට භූතාත්මය ආවේශ වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ අඬන්නේ….”
“මම දිල්හානි”
“කවුද දිල්හානි කියන්නේ…”
“මුන් දෙන්නගෙ දුව“
“ඇයි අම්මටයි තාත්තටයි “මුන්” කියලා කියන්නේ?”
“මුන් දෙන්නා මගේ ජීවිතේ නැති කළා.”
“ඇයි මේ දෙන්නා ඔබව මැරුවද? ජීවිතය නැති කළා කියන්නේ?”
“මාව එක සැරේ මැරුවා නම් හොඳයි මීට වඩා.”
“ඇයි එහෙම කියන්නේ?”
“මම ජීවන්ත එක්ක අවුරුදු පහක සම්බන්ධයක් තිබුණා. මුන් අපේ සම්බන්ධය කඩලා මාව බලෙන් වයසක මිනිහෙකුට කසාද බැන්දෙව්වා.
ඒ මිනිහා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්. දුර්වල මිනිහෙක්. බේබද්දෙක්. මුන් මගේ ජීවිතේ නැති කළා. කාලකන්නි කළා.
මට ජිවන්ත එක්ක යන්න දුන්නේ නෑ. මම මුන් දෙන්නව මරනවා.”
“ඒ විවාහයෙන් ඔබට දරුවෝ ලැබුණේ නැද්ද?”
“දුවෙක් ඉන්නවා අවුරුදු හයක”
“ඒ දුව කා ළඟ ද ඉන්නේ?”
“ආච්චි ළඟ. ඒ මිනිහගෙ අම්මා ළඟ.”“ඇයි මහත්තයා දුව බලාගන්නෙ නැද්ද?”
“ඌ මහත්තයෙක් නෙවෙයි. බේබද්දෙක්. ඌගෙන් මගේ දුවට සැලකිල්ලක් නෑ.”
“තවත් සතියක් බෝධි පූජා පවත්වා ඊළඟට එන විට දිල්හානිගේ දුව ද කැඳවාගෙන එන්නැයි” ගවේෂකවරයා දෙදෙනාටම උපදෙස් දුන්නේය.
ඊළඟ දිනයේ පැමිණෙන විට දිල්හානිගේ නැන්දම්මාත් සමඟ දුව ද පැමිණියාය. එදින ශි‍්‍රයානිගේ ශරීරයට ආවිශ්ට වූ දිල්හානිගේ ප්‍රාණකාරිය දියණිය බදාගෙන “මගේ දුව……….. මගේ දුව……… මගේ රත්තරන් දුව යැයි කියමින් අඬන්නට වූවාය.
මේ සංවේදී අවස්ථාව දරාගන්නට බැරිව දිල්හානිගේ පියා නන්දන ද අඬන්නට විය.
“අනේ දුවේ අපට සමාවෙන්න. අපි මේ දුවව බලා ගන්නම්.”
එසේ කියමින් නන්දන අඬන්නට විය.
“උඹලා මට කරපු අපරාධයට උඹලාට දඬුවම් කරන්න ඕනෑ. උඹලා මරන්න ඕනෑ. මේ අහිංසක දුවට අම්මා කෙනෙක් නැති කළා. උඹලාට මගේ ජිවන්තව මදි පුංචි වුණා. දැන් තොපි දෙන්නට සතුටු ද?”
“කෝ දැන් ජීවන්ත?”
ගවේෂකවරයා භූතාත්මයෙන් විමසීය.

“එයා හිත කලකිරිලා පැවිදි වුණා.”
“එයා කොහෙද ඉන්නේ?”
“දන්නේ නෑ. ඒ තැන්වලට මට යන්න බෑ.”
“හොඳයි. ඔබට අපි සාධාරණයක් කරන්නම්. මම කියන දේ හොඳින් අහන්න. මේ ඔබේ අම්මයි තාත්තයි. මව්පියන් මරා ආනන්තරිය පාප කර්මයක් කරගන්න එපා. ඔබ දැන් දිල්හානි නොවෙයි ප්‍රේතියගේ. අම්මා තාත්තා මැරුවොත් අවීචි මහා නිරයට යන්න වෙනවා. කල්ප ගණක් දැවි දැවී ඉන්න වෙනවා. ජීවන්ත වගේම ඔබත් ධර්මයේ පිහිට පතන්න” ගවේෂකවරයා පේ‍්‍රතියට කීවේය.
“මොකක්ද මට කරන සාධාරණය?”

“මේ දරුවා සම්පූර්ණයෙන්ම බාර අරගෙන හොඳින් හදා වඩා ගන්න නියම කරමු. අම්මගෙයි තාත්තගෙයි සියලුම දේපළ දුව නමට ලියන්න කියමු.”

ගවේෂකවරයා කීවේය.
“ඒක හොඳයි. ඒක හොඳයි. හැබැයි කලින්ම දේපළ ලියන්න කියන්න මගේ දුවට. හැබැයි අරූට නම් එන්න දෙන්න එපා.”
“ඒ කාටද?”
“දුවගෙ තාත්තට”

ශ්‍රියානිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා ශි‍්‍රයානිටත් නන්දනටත් අවවාද කළේය.
“අනේ මහත්තයා, මේ දරුවාව අපි ඇහැ වගේ බලා ගන්නම්, අපේ සියලුම දේපල මේ දුවට ලියන්න අපි කැමතියි” නන්දන ගවේෂකවරයා ඉදිරියේ කීවේය.

මිනිපිරිය ද ආච්චි සීයා ළඟට යන්නට කැමති වූවාය. දිල්හානිගේ නැන්දම්මා ද තම පුතාගේ බේබදුකම නිසා මේ පවුල විනාශ වූ බවත් තමන් ළඟ ඉන්නවාට වඩා මේ ආච්චි සීයා ළඟ දැරිය හැදෙන එක යහපත් බවක් පිළිගත්තාය.

ස්වාමීන් වහන්සේලා විසි නමකට නිවසේ සාංඝික දානයක් පිරිනමා දිල්හානිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් ඉන් පසුව නවැත පැමිණෙන ලෙසත් ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

එසේ පැමිණෙන විට මිනිපිරියට දේපළ ලියූ බවට ඔප්පුව රැගෙන විත් පෙන්වන ලෙස ද ගවේෂකවරයා කීවේය.
ඒ අනුව දානය පිරිනමා ඔවූහු නැවත පැමිණියහ. මිනිපිරියට දේපළ ලියූ ඔප්පුව ද ඔවූහු ගෙන ආහ.

ගවේෂකවරයා එදින ද ශි‍්‍රයානිගේ ශරීරයට භූතාත්මය ආවිශ්ට කොට ප්‍රශ්න කළේය.
“දැන් මොකද කියන්නේ?”

“අම්මයි තාත්තයි සාංඝික දානය හොඳට දුන්නා. මම සතුටු වුණා. දුවත් සතුටෙන් ඉන්නවා. මම ආයෙත් කරදර කරන්නේ නෑ. මටත් ජීවන්ත වගේම පිනට දහමට යොමු වෙන්න ඕනෑ. මාව හොඳ තැනකට යවන්න මහත්මයා”
පළතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කළ ගවේෂකවරයා ශ්‍රියානිගේ අතේ භූතාත්මය කැලණියට යැව්වේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25