Empty Ad
AFC Banner
Empty Ad

මුදල් මාරු කිරීමේ කාඩ්පත් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි එම නිවේදනය මගින් මහජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්, තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත දන්වා සිටි බව මහ බැංකුව ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46
Video thumbnail
2027 වෙනකොට ලංකාවේ අලුත් වෙනසක් - වසන්ත රටටම ඇහෙන්න සියල්ල හෙළි කරයි
11:24
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.19
09:00:39
Video thumbnail
හොරකමේ ඇවිත් වැඩ වැරදිලා ගුටි කාලා මදි නොකියන්නම - බලන්න දන්න - අඳුනන අයද කියලා ?
02:52
Video thumbnail
ධම්මිකගෙ ගෙදර ඉදලා රෑ 12ට එන කෙනාවත් අතේ මාට්ටු
09:44
Video thumbnail
ආණ්ඩුව ගැන මාස 06න් කියන්න බෑ
00:22
Video thumbnail
දේශබන්දු හංගගෙන හිටපු ආණ්ඩුවේ ලොක්කා එළියට ? #deshabandutennakoon #dayasiri
25:32
Video thumbnail
කනවැන්ඳුම් බිරිඳ ගැනත් හිත උණු වූ පොලිස්පතිගේ සෙල්ලම එළියට
06:09

?