පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කරන ද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග වලට අනුකූලව කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි තීන්දු කොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් දෙකක් ගොනු කරනු ලැබුවා.
මෙයින් එක් පෙත්සමක් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගොණු කළ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින්.
2023 වසරේ අය වැය තුළින් පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බව පෙත්සම් කරුවන් පවසනවා.
පසුගිය 3 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කෙරුණු එම තීන්දුව තුලින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වෙන්කර තිබෙන මුදල් ද රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කෙරුණු බවද එම පෙත්සම් කරුවන් පැවසුවා.
ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් යෝජනා කෙරුනු බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මාර්තු මස 07 වනදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහරින ලෙස ඉල්ලීමක් කළ බව සදහන් කළා.
ඒ අනුව ශ්‍රි ලංකා පොලිසිය සඳහා රුපියල් මිලියන 460 ක් ද රජයේ මුද්‍රණාලය සඳහා රුපියල් මිලියන 400 ක් ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 500 ක් ද මුදාහරින ලෙස එම ලිපිය තුළින් ඉල්ලා තිබූ බවද වැඩි දුරටත් සදහන්.
එහෙත් මේ දක්වා අදාල ප්‍රතිපාදන මුදා හරීමට වගඋත්තරකාර මුදල් අමාත්‍යංශය ලේකම්වරයා කටයුතු කර නොමැති බවයි ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ.

MEYA INNE LOKKA YATATHE, KARANNE LOKKA KIYANA DEYA WITHARAYI, WENNA ONATH EKA, EYATA DESHAPALANAYA WEDAK NAHE EYA RAJYA NILADHARIYEK. NAMUTH RAJYA NILADHAREEN GEN 90 WADA KARAANNE DESHAPLNAYA, RAJYA SEWAYA NOWEYI. EKAYI ME RATATA MEHEMA WELA THIYENNE. RANIL DESHAPALUWEK UNATH EYA IHALAMA ANA DENNA SAMASTHA RAJYA PAWUDHGALIKA SAHA MULU JANATHAWATAMA. API EWA AHANNE NATHI EKA WENAMA DEYAK