මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව සජබය නීති මගට

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමිනුයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ඔහු මේ බව දැනුම් දී ඇත්තේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 මාර්තු මස 7 වන දින මැතිවරණ කොමිසම විසින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් 2023 මාර්තු මස 14 වන දින සිට කොටස් වශයෙන් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවයි.

එහෙත් 2023 පෙබරවාරි 13 වනදා එළඹුණු කැබිනට් තීරණයක් අනුව අවශ්‍ය මුදල් නිකුත් කළ නොහැකි බවත්, මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිතුරු ලිපියක් මඟින් කොමිසමට දැන්වූ බව එම ලිපියෙහි සඳහන්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව මුදල් සීමා කිරීමට ගත් කැබිනට් තීරණයේ තොරතුරු සහ ඒ සමගම මුදල් නිකුත් කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බව ද එහි දැක්වෙනවා.

මේ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28