මුතු රාජා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යයි

මුතු රාජා හස්තියා රැගත් රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානය අද උදෑසන 07.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම හස්තියා රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ එන්ජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පෙරේදා දින රාත්‍රී 11.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාලයක් ගත වන බව සඳහන්.

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයම 3ට පමණයි.

අද අලුයම 12ට පමණ එම හස්තියා මෙතෙක් රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අලුයම 04.30 පමණ වනවිට ඇතා ඇතුළත් විශේෂ කූඩුව තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු “ඉලුෂියන් – 76” ගුවන් යානයට පැටවීම ආරම්භ කළ බවයි.

අනතුරුව හස්තියා රැගත් AZS – 5701 ගුවන් යානය අද උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ” ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.

මුතු රාජා හස්තියා රැක බලා ගැනීම සඳහා භාරදී තිබුණේ අලුත්ගම කන්දෙ විහාරය වෙතටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
10
+1
6
+1
2
+1
130
+1
10
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31