“මීරා” පැටවුන් 4ක් බිහි කරයි

රිදියගම සෆාරි උද්‍යානයේ වාසය කරනු ලබන ‘මීරා’නම් සිංහ ධේනුව විසින් පැටවු 04 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය හේමන්ත අමරසේකර මහතා පවසනවා.

පසුගිය 18 වැනි දින මෙම පැටවුන් 4 දෙනා සිංහ ධේනුව විසින් බිහි කළ බවත් එම පැටවුන්ගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර දෙදෙනෙකු මව විසින් ප්‍රතික්ෂේප කළ බවයි අමරසූරිය මහතා සඳහන් කළේ.

පැටවුන් බිහි කළ සිංහ ධේනුව වයස අවුරුදු 05ක පමණ සත්වයෙකු වන අතර එම සත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුනු සිංහ ධේනුවක් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කර පෝෂණය කරන බව සඳහන්.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ පැටවුන් බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළම ඉපදුනු සත්වයන් වනවා.

ඉතිරි සිංහයින් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් රැගෙන විත් තිබෙනවා.

මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක් ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින අතර තව සති කිහිපයකින් ඔවුන් ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත අමරසේකර මහතා සඳහන් කළා.

WhatsApp Image 2023 03 22 at 16.27.32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?