මීනගයා ශීඝ්‍රගාමී දුම් රියෙහි ගැටීමෙන් වනඅලි රංචුවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම වන අලි රංචුවෙන් බරපතළ තුවාල ලැබූ වන අලීන් පස්දෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
ගල්ඔය ප්‍රදේශයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව තිබෙනවා.
මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ මෙම වන අලි රංචුව ගැටී ඇති බවත් එහිදී දුම්රිය පීලි පැනීමකට ද ලක් ව ඇති බවයි.
මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පීලිපැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.