අම්බලන්ගොඩ, මීටියාගොඩ මාර්ගයේ මගවෙල ප්රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ 47 හැවිරිදි වියේ පසු වූ අයෙක් වන අතර, ඔහු අම්බලන්ගොඩ, පනියන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
තුවාල ලැබූ එම පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
1
+1











