මීගහකිවුලේ ගුටි කෙළියකින් කතක් සමඟ කපුවෙක් රෝහලේ

මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් සහ දේවාලයක කපුවෙක් අද (11) අලුයම මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීග‍ෙකිවුල, අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක කාන්තාවක් සහ 41ක පුද්ගලයෙක්.

එකම පවුලක ඥාතීන් දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදීමට පැයකට පමණ පෙර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ දෙපාර්ශ්වය සමථයකට පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය එම ස්ථානයෙන් පිටව යාමත් සමඟ දෙපිරිස අතර ආරවුල යළි උත්සන්න වී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමට ලක්වූ දේවාලයේ කපුවා පොලිසියට පවසා ඇත්තේ දේවාලයේ කටයුතු දෛනික කටයුතු අවසන්කර රාත්‍රී ආහාරය ගැනීම සඳහා නිවසට පැමිණ සිටිය දී පිරිසක් පැමිණ තමන්ට පහර දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59