මීගමුව, හලාවත, සහ කල්පිටියෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 03ක් අනතුරට ලක්වෙයි – දෙදෙනෙක් මරුට, තිදෙනෙක් අතුරුදන් (වීඩියෝ)

මීගමුව, හලාවත, සහ කල්පිටිය ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා තුනක් අනතුරට ලක්ව ඇති බව
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.

ඊයේ (31) පස්වරුවේ ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා තුනක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ධීවරයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පැවසුවේ.

ඊට අමතරව තවත් ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් එහි සිටි එක් ධීවරයෙක් මියගොස් ඔහුගේ සිරුර අද (01) වෙරළට ගොඩගසා තිබිය දී සොයාගත් බව සඳහන් කළ ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයා අතුරුදන්ව ඇති බවයි පැවසුවේ.

අතුරුදන්ව සිටින ධීවරයා සොයා මෙහෙයම් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම කල්පිටිය, බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේ මුහුදු තීරයේ ද යාත්‍රාවක් අනතුරට ලක්ව එහි ගමන් ගත් ධීවරයෙකු ද මියගොස් තිබෙනවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එම ධීවරයාගේ සිරුර ද වෙරළට ගොඩගසා තිබිය දී හමුව ඇති බවයි.

මේ අතර හලාවත ප්‍රදේශයෙන් ඊයේ (31) සවස මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බව සදහන් කළ ඔහු එහි ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි පැවසුවේ.

ඒ, අනුව එම යාත්‍රාව සහ ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57