AFC Banner
Empty Ad

මීගමුවේ දී වෙඩි පහරින් මියගිය ‘රෙක්ස්’ ගැන තොරතුරු රැසක් එළියට

මීගමුව, ගල්කන්ද හංදියේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ රෙක්ස් සල්ගාදු නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පුද්ගලික ලැඟුම්හලක් පවත්වාගෙන යන අයෙක් බවටයි වාර්තා වුණේ.

මොහු ඊයේ (10) පස්වරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් තිබුණා.

වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර බෝලවලාන දෙසට පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?