AFC Banner
Empty Ad
Empty Ad

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ඊයේ පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඉරණවිල ප්‍රදේශයේ පවත්වා ගෙන යන මා දැල් වාඩියක සේවකයෙකු විසින් මුලින්ම මළ සිරුර දැක ඒ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

මිය ගොස් ඇත්තේ පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ බව කියන මීගමුව, දුන්ගාල්පිටිය පදිංචිව සිටි තමාෂා රොසේලි (වයස අවු:2 ½ ) යන දැරියගේ සිරුර බවට සැකකරන්නේ යැයි පොලීසිය සඳහන් කර සිටින්නේ.

පසුගිය 18 වැනිදා සවස 5.00 ට පමණ තම දියණිය අතුරුදහන්වී ඇති බව ඇයගේ මව්පියන් විසින් දුන්ගාල්පිටිය පොලීසියට පැමිණිළි කර ඇත.එතැන් සිට දැරිවිය සම්බන්ධයෙන් සොයා බලා ඇති නමුත් තොරතුරක් ලැබී නැහැ.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි හලාවත පොලීසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?