මිලියන 2,548ක ආයෝජන වටිනාකමක් සහිත කර්මාන්ත පද්ධතියකට කැබිනට් අනුමැතිය

කර්මාන්ත පුරයන්හි ආයෝජනය සඳහා නිර්දේශ කර ඇති ආයෝජය ව්‍යාපෘති 38ක් සඳහා අවශ්‍ය ඉඩම් කොටස් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරනු ලැබූ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශකර ඇති ආයෝජනා ව්‍යාපෘති 38ක් සඳහා මෙම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ආයෝජනා ව්‍යාපෘති 38හි මුළු ආයෝජනා වටිනාකම රුපියල් මිලියන දෙදහස් පන්සිය හතලිස් අටක් බවයි වාර්තාවන්නේ.

ඒ අනුව එම ආයෝජන ව්‍යාපෘති සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කළුතර, මිනුවන්ගොඩ, මතුගම, මිල්ලනිය, උලපනේ, රත්නපුර නාලන්ද, කරන්දෙණිය, බටඅත, මන්නාරම, ගලිගමුව, ඇඹිලිපිටිය, බුත්තල, දන්කොටුව, පුත්තලම සහ අලුතපොළ යන කර්මාන්තපුරයන්වලින් ඉඩම් කොටස් වෙන් කිරීමට අනුමැතිය හිමි ව තිබෙනවා.

වසර 35ක උපරිමයක් සඳහා මෙම කර්මාන්ත කලාපවල ඉඩම් කොටස්, බදු ක්‍රමය යටතේ එම ආයෝජකයන් සඳහා පවරා දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28