spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 02ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 07කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් හතරක අසුරන ලද, කේරළ ගංජා කිලෝ හතයි ග්‍රෑම් නවසිය පනස් පහක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 45 ක් වන සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර ඔහු කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?