මිල්ලනිය OICට ස්ථාන මාරුවක්

මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග ස්ථානමාරු කරයවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරුකර යවා ඇති බවයි.

මිල්ලණිය ප්‍රදේශයේ පාසක ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ස්ථානාධිපතිවරයාට මෙලෙස ස්ථාන මාරුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.අයි.බී විජේරත්න ද ස්ථාන මාරුකර ඇති බව වාර්තා වුණා.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිට මහනුවර කොට්ඨාසය වෙත ඔහුව මෙලෙස ස්ථානමාරු කර යවා ඇති බව සඳහන්.