මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටු ඉදිරියට කැඳවීමට කෘෂිකර්ම ඇමති පොරොන්දු වෙයි

මෙතෙක් බොහෝ රාජ්‍ය ආයතන කෝප් හා කෝපා කමිටුවට කැඳවා ඇතත් රාජ්‍ය සමාගමක් වන මිල්කෝ සමාගම මෙතෙක් කිසිදු විගණනයකට ලක් ව නොමැති වීම හේතුවෙන් එම සමාගම කඩිනමින් කෝප් හෝ කෝපා කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මිල්කෝ සමාගමේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් සමග පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූ අතර සමාගමේ පාලන අධිකාරියේ දුර්වලතා හා අවිධිමත් පාලනය, දූෂිත ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධව වෘත්තිය සමිති නියෝජිතයන් කරුණු දැක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් මිල්කෝ සමාගමෙන් රටේ ජනතාවට සිදුවිය යුතු නිසි මෙහෙවර සිදු නොවන බවත්, දූෂණ හා වංචා නිසා එම සමාගමට විශාල මුදලක් අහිමි වන බවත්, එම තත්ත්වය හමුවේ සමාගම නිරන්තර පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව සේවකයන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් මිල්කෝ සමාගම සම්බන්ධව පූර්ණ විගණනයක් සිදු කරන ලෙසටයි එම වෘත්තිය සමිති ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ.

එම ඉල්ලීම් පරිදි මෙම සමාගමේ ඉහළ කළමනාකරණය වහාම කෝප් හා කෝපා කමිටු ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වෘත්තිය සමිති නියෝජිතයින්ට ප්‍රතිඥා දී තිබෙනවා.

එමෙන්ම මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළ අතර මිල්කෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව සියලු වෘත්තිය සමිති අමාත්‍යවරයාට එකඟත්වය පළ කළා.

මෙම සමාගම් දෙක සියයට 51ක් රාජ්‍ය සතු කොටස් වශයෙන් හා සියයට 49ක් පුද්ගලික අංශය වශයෙන් ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණ ද අදාළ ගිවිසුම්වලට එළැඹීමේ දී තවදුරටත් රටට හිමිවිය යුතු වාසි සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම රජය විසින් ගනු ලබන පියවර පිළිබඳව වැඩිදුරටත් වෘත්තිය සමිති දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා එකඟත්වය පළ කර තිබෙනවා.

රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය හා බෙදාහැරීමට මෙම සමාගම් දෙකට හොඳටම හැකියාව තිබෙනවා. නමුත් වසර ගණනක් පැරණි මෙම සමාගම් දෙක නිසි පරිදි කළමනාකරණය නොවීම නිසා තවමත් මෙරට නිපදවිය හැකිව තිබෙන්නේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණයි. ඉතිරි සියයට 60 තවමත් ආනයනය කරනවා. වාර්ෂික ව රුපියල් මිලියන 60,000ක් පමණ ඒ සඳහා වැය කරනවා. ඒ නිසා මෙම ආයතන දෙක ප්‍රතිව්‍යුහගතකරණය කර අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පුද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමට රජය තීන්දු කර තිබෙනවා.

යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58