මිරිහානේ සිදුවීමේ දී අත්අඩංගුවට ගත් 31ක් දෙනකුට ඇප

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිටදී කලහකාරීව හැසිරීම හා දේපල වලට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිස් එක් දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබුවා.

මේ අතර සැකකරුවන් තිස් එක් දෙනා සාක්ෂි කරුවන් දස දෙනෙකුගේ මාර්ගයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී කිසිදු සැකකරුවෙකු හඳුනා ගැනීමට සාක්ෂිකරුවන්ට හැකියාව නොලැබුණා.

ඒ අනුව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

එසේම අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවන්ට පහර දී ඇති බවත් ඔවුන්ගේ දේපළ අස්ථානගත වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට සාධාරණයක් ඉටු කරන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ , ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර ඉදිරියේදී මෙවන් වැරදි සිදු නොකරන ලෙසට සැකකරුවන්ට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ එවන් නියෝගයක් ලබා දුනහොත් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ.

මෙම නඩුව සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස , සරත් ජයමාන්න , අතුල එස් , රණගල මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .

මෙම නඩුව මැයි 13 දා යළි කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46