මියයන්න මොහොතකට පෙරත් සතුටින් සිටි ඇය, රටක් ආදරය කල ඇය දින කීපයකට පෙර කියූ කතාව

රුව දුටු ගමන් චතු මුණසිංහ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. 

පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුනා. 

එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම අද සමුගෙන යන්න ගිහින්. 

චතු මීට දින කිහිමයකට කළින් සති අන්ත පුවත්පතකට ඇය කියූ කතාවක් අපි ඔබට මේ විදියට ගෙන එන්න හිතුවා.

ජීවිතයක ප්‍රාර්ථනා එකම රිද්මයකින් ගලා යන්නේ නැත. බාධක ගල්පර වාගේම අනපේක්ෂිත වැටීම්, නැගිටීම්ද ජීවිතයේ උරුමයන්ය. එහෙත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි සිතක් වේ නම්, ඒ සිතේ සැනසිල්ල ගැන අමුතුවෙන් පහදා දෙන්නට දෙයක් නැත. 

ඇය උදාරි චතුරිකා මුණසිංහය. තවමත් තිස් හතරවන වියේ පසුවන ඇය, අග්න්‍යාශයේ ඇතිවූ පිළිකා තත්ත්වයක් නිසා පීඩා විඳිමින් හිඳින්නීය. 

එහෙත් පිළිකා සෛල සියදහස් ගණනකටවත් හිතක ධෛර්යය අකාමකා දැමිය නොහැකි යැයි සිතෙන්නේ, ඇය තම ජීවිතය සොයා ආ අනපේක්ෂිත තීන්දුව මැදහත්ව පිළිගත් හෙයිනි.

 ‘‘මේ කැන්සර් එක ඇත්තටම දැන් මට ආශිර්වාදයක්. මගේ රෝග තත්ත්වය නිසා පිළිකා රෝගයට ගොදුරු වූ බොහෝ අය මට මුණගැසී තිබෙනවා. ඔවුන් හැමෝම මරණයට ලෑස්තිවෙලා හිටියත් ඒ කවුරුත් ඒකට හිත හදාගෙන හිටියේ නැහැ. මගේ මහත්තයා වුණත් මුලදී හිතුවේ අපි ගෙදරදි මරණය ගැන කතා කරන එක හොඳ නෑ කියලයි. එයා මාව දකින හැම වෙලාවකම හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. ඒත් පිළිකාවක් හැදුන කෙනෙකුට ප්‍රතිකාර කරද්දි, අපේ ශරීරය ඇතුළෙ වෙන දේවල් අපට තේරෙනවා. ඇඟ ඇතුළ පිච්චෙනවා. එතකොට අපිට හිතෙනවා මේකෙන් අපට ගැලවීමක් නෑ කියලා. එතැනදී විඳවන්න වෙනවා. මේ තත්ත්වය තේරුම් අරන් මම මගේ පවුලේ අයව දැනුවත් කළා. මම මගේ දුවලා දෙන්නටත් කිව්වා යන්න තියෙන දවසක අම්මට යන්න වෙනවා, හැබැයි ඔයාලා ඉන්නකං අම්මත් එක්ක සතුටින් ඉන්න කියලා. මරණය ගැන කතා කරන්න මුලදි අකමැති වුණු මහත්තයට මම කිව්වේ අපි ඒ ගැන කතා කරමු. නැත්නම් මාත් එක්ක තව පොඩ්ඩක් හරි කතා කරන්න තිබුණ නම් කියලා ඔයාලට පස්සෙ දවසක හිතෙයි කියලා.’’ 

චතුරිකා අප හා කතාබහට එක්වූයේ එසේයි. ජිවිතයේ යථා ස්වභාවය තේරුම්ගැනීම ඈ ප්‍රගුණ කර ඇති අයුරු පුදුමය. කොණ්ඩය ගැලවී යාම මුලදී දරාගන්නට නොහැකි වුවත්, අනතුරුව එය තමගේ ලස්සන වැඩි කරනා හේතුවක් බවට පත්කර ගන්නට ඇය සමත් වූවාය. 

‘‘මෙහෙම දෙයක් කිව්වම මානසිකව වැටෙනවා. ඊටපස්සෙ ඉතින් හිතන්නේ හැමදේම ඉවරයි කියලයි. නෑදෑයෝ වුණත් කියනවා මැරෙන්න කලින් ඉක්මනට ලෙඩාව බලලා එන්න ඕන කියලා. මේක අපේ සමාජයේ තියෙන අවුලක්. එහෙම වුණාම ලෙඩා බලන්න එන අය එන්නේ මරණෙට කලින් ලෙඩාව බලලා යන්න ඕන කියන අදහසින්. ඇත්තටම කැන්සර් එකක් නිසා මේ තරමින් ජීවිතය තේරුම් ගන්න පුළුවන් තැනකට මම ඒවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.’’ ඇය කියන්නේ උපේක්ෂාවෙනි. 

එහෙත් මුලදී එසේ නොවේ. තමන්ට පිළිකාවක් වැළඳී ඇතැයි දැනගත් මොහොතේ ඇය මහහඬින් කෑගසා හඬා වැටුණාය. 

මරණයට බයක් නෑ යැයි සිතා සිටියද, එය දැනගත් මොහොතේ ඇයටද මරණ බිය දැනී තිබුණාය. ඒ අතර නෑදෑ හිතවතුන් අර දොස්තර, මේ දොස්තර ඉන්නවා, අපි ඔයාව බේරාගන්නවා යැයි කියද්දී බය ඇතිවන්නට එයම හේතුවක් වූ බව ඇයගේ අදහසයි. 

‘‘ඒ තත්ත්වය හිතට අමාරුයි. ඒත් වාසනාවකට මගේ මහත්තයා මාව තේරුම් ගත්තා. එයා මං එක්කම හිටියා. ඒක මම කරපු ලොකු පිනක්. එයා තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ, නිය ආලේපන, තොල් ආලේපන ගෙනත් දෙන්නේ. මෙහෙම ලස්සනට ඉන්න මෙහෙම ලස්සනට අඳින්න කියලා කියන්නේ ඔහුයි. දුවලට සුදුසු විලාසිතා ගැන කියලා දෙන්නෙත් ඔහුයි. ඒත් මේ ප්‍රශ්නය එක්ක අපි පවුලක් විදිහට ගොඩක් තනිවුණා කිව්වොත් හරි. තවම මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. චූටි දුවට අවුරුදු පහයි. දවසක් චූටි දූ ඇවිත් කියනවා අම්මේ මගේ පොකට් එකේ සල්ලි තියෙනවා, මට අලුත් අම්මා කෙනෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. හිතාගන්න පුළුවන්ද? ඒ දේවල් දරාගන්න පුළුවන්ද? ඊළඟට මතක් වුණේ මගේ චූටි දුවට මාව කවදාහරි මතක තියේවිද කියලා. එහෙම හිතලා මම ටික කාලයක් එයාව මඟහැරියා. ඒත් ඒක හරියන දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඊටපස්සේ මම හිනාවෙලා ඉන්න තීරණය කළා.’’ ඇය කියන්නේ එය ජීවිතයට සැනසුමක් ගෙනදුන් බවය. 

අද වනවිට ඇය වේදනානාශක පෙත්තක් හෝ ලබාගන්නේ නැත. ඒ ඇය හිත හදාගනිමින් ඉන්නා හැටිය. 

‘‘ඇත්තටම මම මරණෙට බය කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ විවිධ හැලහැප්පීම් තිබුණා. එකපාරක් මම බෙල්ලේ වැල දාගන්නත් ගිහින් තියෙනවා. අයියයි, තාත්තයි තමයි මාව බේරගත්තේ. එහෙම මරණෙට බය නැතුව හිටිය මං කැන්සර් එකක් කිව්වම මුලදි බය වුණා.’’ 

ඇයට රෝග ලක්ෂණ එන්නට පටන් ගත්තේ 2020 නොවැම්බර් මාසයේදීය. ඒ වනවිට උසස් රැකියා කිහිපයකම නියැලී සිට ඇය තමන්ගේම කියා පෞද්ගලික ඇගළුම් ආයතනයක් පටන් ගත්තාය. ඒ අතරතුර ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකට ද පෙනී සිට තිබේ. 

ඇය තම රෝග තත්ත්වය ගැන පළමුව ලැබුනු ඉඟි ගැනද මෙසේ කතා කළාය. 

‘‘2020 අවුරුද්දේ නොවැම්බර් වෙද්දී මට කෑම කන්න බැරිවුණා. බත් කටවල් දෙක තුනක් කද්දී ඉස්මුරුත්තාවට එන්න ගත්තා. මහත්තයා හිතුවේ මම කෑම නොකා කෙට්ටු වෙන්න හදනවා කියලයි. මම හිතුවේ ගෙදර වැඩයි, ෆැක්ටරියේ වැඩයි නිසා මට හරියට කෑමක් කන්න බැහැ කියලයි. ඔය අතරේ මට කොන්දේ අමාරුවකුත් ආවා. මම ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ එය වාත අමාරුවක් වෙන්නැති කියලයි. ෆාමසියකින් ගෙනත් තෙල් ගෑවා. පසුව අමාරුකම් වැඩි වෙද්දි පවුලේ වෛද්‍යවරයා ළඟට ගියා. වෛද්‍යවරයා රෝගය හඳුනගත්තා. වේදනානාශක දුන්නේ. දවස් දෙක තුනක් යද්දි දරුවෙකු ප්‍රසූත කරන්න එන තරම් වේදනාවක් ආවා. අනතුරුව තමයි ස්කෑන් එකක් කළේ. එතැනදී තමයි දැනගත්තේ ලෝකයේ තියෙන දරුණුම ඝනයේ පිළිකාවක් මට වැළඳිලා කියලා. ඇලදිව කියන තැන හැදුනු පිළිකාව, අග්න්‍යාශය, අක්මාව දක්වා පැතිරගොස් ඇති බවත් දැනගත්තා. ශල්‍යකර්මයක් කරන්නත් අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මගේ ලෙඩේ සොයා ගන්නකොටම එය හොඳ කරන්න බෑ කියලත් දැනගන්න ලැබුණා.’’ 

රෝගීව හිටියත් පසුබට වන සිතක් හිමි අයෙකු නොවේ ඇය. 

ඒ නිසා බොහෝදෙනෙකුට උදව් කිරීමට සිතා ඇය වෙබ් අඩවියක්ද නිර්මාණය කළාය. 

තව කෙනෙකුට උදව්වක් කිරීමට අවශ්‍ය නම් එය සැකසංකා නොමැතිවම කළ යුතු බව ඇය කියයි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46