මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 20 ඉක්මවයි – 43ක් අතුරුදන්

මධ්‍යම මියන්මාරයට අද (28) පෙරවරුවේ බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් මියගිය ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බැංකොක් හි මහල් 30කින් යුත් ඉදිකෙරෙමින් පවතින විශාල ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් 43කු ද අතුරුදන් ව ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ.

මියන්මාරයට විශාල ව්‍යසනයක් ඇති කරමින් හටගත් පළමු භූ කම්පනය රික්ටර් මාපක 7.7ක් වන අතර දෙවැන්න 6.4ක් ලෙස සටහන් ව තිබූ බව වාර්තා වුණා.

මෙම භූ කම්පනයේ පීඩනය සහ කම්පනය අසල්වාසී තායිලන්තයේ බැංකොක් නුවරට ද තදින් ම දැනී තිබූ බවයි බීබීසී, රොයිටර්ස් සහ සීඑන්එන් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

USGS සමීක්ෂණයට අනුව, භූ කම්පනයේ අපකේන්ද්‍රය මියන්මාර අගනුවර වන නයිපිඩාවෝ සිට කිලෝමීටර් 250ක් පමණ දුරින් පිහිටි සගායිං නගරයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටා තිබූ බව ද පැවසෙනවා.

මියන්මාරයේ දේශීය වේලාවෙන් අද දහවල් 12.50ට පමණ මෙම භූ කම්පන හටගෙන ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

මැන්ඩලේ නගරයේ මුස්ලිම් පල්ලියකින් ද මරණ වාර්තා වී ඇති අතර, මිනිසුන් පල්ලිය තුළ යාඥා කරමින් සිටියදි එම ගොඩනැගිල්ල කඩා වැටී තිබෙනවා.

මියන්මාර ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ හමුදාව පවසන්නේ මියගිය පිරිස නියත වශයෙන් ම ඉහළ යනු ඇති බවයි.

මියන්මාර ජුන්ටාව ‘හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබෙන බව ද ‘ද ගාර්ඩියන් පුවත් සේවය’ සඳහන් කරනවා.

මෙම භූ කම්පන හේතුවෙන් බැංකොක්හි මෙට්‍රෝ සහ දුම්රිය සේවා කිහිපයක් අත්හිටුවා ඇති උතුරු තායිලන්තය දක්වා භූ කම්පන දැනුණු බව ද පැවසෙනවා.

තායි අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා මෙම තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා “හදිසි රැස්වීමක්” කැඳවා ඇති බවත් එරට අගනගරය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

චීනයේ යුනාන් පළාතට ද මෙම භූ කම්පනය බලපා තිබෙනවා.

චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පැවසුවේ එය රික්ටර් මාපකයේ 7.9 ක් ලෙස දැනුණු බවයි.

PTI පුවත් සේවයට අනුව මෙම භූ කම්පන ද්විත්වයෙහි බලපෑම අසල්වාසී රාජ්‍යයන් වන බෙංගාලයේ කොල්කටා සහ මනිපූර්හි සමහර ප්‍රදේශවලින් මෙන් ම බංග්ලාදේශයේ ඩකා සහ චැතග්‍රෝම් යන ප්‍රදේශවලින් ද සුළු කම්පන ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මහල් 30කින් යුත් මියන්මාර ගොඩනැගිල්ල තුළ අතුරුදන් ව සිර වී සිටින පුද්ගලයින් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අඛණ්ඩ ව ක්‍රියාත්මක බවත්, චැඩ්චාර්ට් සිටිපුන්ට් ආණ්ඩුකාරවයා පැවසුවේ හානියට පත් ගොඩනැගිලි සංඛ්‍යාව තවමත් නොදන්නා බවත්, පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ය.

එබැවින් ජනතාවගෙන් ප්‍රවේශම් වන ලෙස මියන්මාර රජය ඉල්ලා තිබෙන බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28