“මියන්කුමාර” නිදහස් කරන්නැයි කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

බුරුම රජය විසින් බෙල්ලන්විල රජ මහා විහාරයට පරිත්‍යාග කරුණ ලද “මියන්කුමාර” ඇත් පැටවා වහා නිදහස් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

2013 වසරේ බුරුම රජය විසින් පරිත්‍යාග කරන ලද අදාළ ඇත්පැටවා විවිධ වධ හිංසාවට භාජනය වන බැවින් ඔහු වහා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම තුළින් නඩු නිමිත්තක් තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වීඇති බවයි.

ඒ, අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !