මියගිය මාධ්‍යවේදීන් සිහිකරමින් ජය ශ්‍රී මහා බෝ අභියස දී පිංකම් රැසක් (වීඩියෝ)

දිගු කාලයක් මාධ්‍ය මෙහෙවරක යෙදී මියගිය සියලුම මාධ්‍යවේදීන්ට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් ඊයේ (11) පැවැත් වුණා.

මෙම වැඩසටහන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අභියස දී සංවිධානය කර තිබුණේ රටවටා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති මෙම ආගමික වැඩසටහන සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් මාධ්‍යවේදීන් එක්ව සිටියා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ගිලන්පස පූජාවක් සිදුකර පැන් වඩවමින් මියගිය සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවල සේවයකළ මියගිය මාධ්‍යවේදීන්ට හා මාධ්‍යවේදීන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මෙහිදී සිදු කෙරුණා.

මීට අමතව අද (12) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාවක් ද පවත්වනු ලැබුවා.

https://youtu.be/1BKh7mq0A-Y
  1. අපේ ජූඩ්, සාලිය, පැල්ලා, රංජිත්, යන අයියලා ඇතුලු රට වටා අපේම සගයින් සිදුකළ මේ උත්තම සද්ක්‍රියාව හේතුවෙන් මේවනවිට මිය පරලෝ ගොස් සිටින මාධ්‍ය සගයින් පිං ලබත්වා.