මියගිය මවගේ පාංශුකූලයට වඩින්න විහාරාධිපති හාමුදුරුවෝ 24,000ක දඩයක් ගෙවන්න කියලා

මියගිය 66 වියැති හත්දරු තම මවගේ පාංශුකූල කටයුතු ලබාදීමට, ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටින බවට පුතු විසින් පසුගිය දා (02) පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු, පොලිසිය මැදිහත්ව වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා පොලිස් ආරක්ෂාව මැද, මවගේ පාංශුකූල සහ අවසන් කටයුතු සිදුකිරීමේ පුවතක් දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අරලගංවිල, සූරියගල, රුහුණගම ප්‍රදේශයේ පදිංචිව සිටි එන්.පී.දොලි මැණිකේ නමැති කාන්තාව ඉකුත් දෙවනදා මියගොස් තිබෙනවා.

පසුව මවගේ පාංශුකූල කටයුතු කිරීමට ගම්මානයේ විහාරස්ථානයට ගිය පුතුගෙන් විහාරාධිපති ස්වාමින්වහන්සේ,එය සිදුකිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී එම පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකරමින් අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දනුම්වත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව විහාරාධිපති හිමියන පොලිසියට කැඳවා, එම පවුල පත්ව ඇති අසරණ භාවය පිළිබදව දැනුවත් කළ බවත්, ඉන් පලක් නොවී හෙයින් පොලිසිය මැදිහත් වී කජුවත්ත ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු සිදුකළ බවයි පොලිසිය පවසා සිටියේ.

මෙම පවුල විසින් වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා මැද විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් දහස බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට ද එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ මෙලෙස පවසා ඇති බවයි වාර්තා අනාවරණය වුණේ.

මේ අතර අදාළ විහාරාධිපති හිමිනම අවට විහාරස්ථානවලට සහ කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමිනවහන්සේලාට එම නිවසේ පාංශුකූල වලට සහ අවසන් කටයුතුවලට නොවඩින බවට බලපෑම් කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

මේ පිළිබදව කරුණු විමසීමට අදාළ විහාරාධිපති ස්වාමීන්වහන්සේ කිහිපවරක් සම්බන්ධ කරගැනීමට අප ප්‍රාදේශීය වාර්තාකරු උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48