මිනී කනත්තක ඔන් ලයින් අකුරු කරන පාසල් ළමුන්

අධ්‍යාපනය වෙනුනේ දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ අමු සොහොනක ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරන දරු පිරිසක් පිළිබද පුවතක් මාතලේ – නාඋල, මේල්පිටිය ගම්මානයෙන් වාර්තා වනවා.

මිය ගිය පුද්ගලයින්ගේ මිනි වලවල් මත සිට මේ දරු පිරිස සිය අධ්‍යාපන කටයුතු මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ සිදුකරනු ලබන්නේ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වැසීම හේතුවෙන්.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨෘශයට අයත් මේල්පිටිය ගම්මානයේ සහ අවට ගම්මානවල පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල දරුවන් දහසකට ආසන්න පිරිසක් දිනපතා දුරකතන සංඥා නොමැති කමින් බැට කන බව ගම්මානවල දෙමව්පියෝ පවසනවා.

පවත්නා ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා අප මේල්පිටිය පොදු සුසාන භූමියට ඊයේ (05) ගමන් කරන විටද පාසල් දරුවන් එහි අධ්‍යාපන කටයුතු වල නිරතවී සිටියා.

වසර ගනනාවක සිට දුරකතන සංඥා නොමැතිකමින් බැටකන මේල්පිටිය ගම්වාසින් මාධ්‍ය හමුවේ කියාසිටියේ ඔන් ලයින් අධ්‍යාපනය සදහා සංඥා සොයා  ගිය මවකට සහ කුඩා දරුවෙකුට රාත්‍රියේ පිඹුරෙකු දෂ්ඨ කිරිමට ගොස් දිවි ගලවා ගත්තේ අනූ නවයෙන් බවයි.

විවිධ කදු මුදුන්  සහ මේල්පිටියේ සොහොන් පිටියේ අධ්‍යාපනය ලබන මේ දරුවන් දෛනිකව පැවැත්වෙන උපකාරක පංති සදහා අව් වැසි නොතකා ගමේ පොදු සුසාන භූමියට එක් රොත් වනවා.

මෙහිදි අදහස් දැක්වූ දෙමවිපියන් කියා සිටියේ රාත්‍රි කාලයේ පැවැත්වෙන උපකාරක පංති සදහා හුළු අතු පත්තුකරගෙන තම දරුවන් ද සමග සොහොනට පැමිණෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09