මැලේසියාවේ දී බොයිලේරුවක් ඇඟට වැටී මිය ගිය ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටිය දී හදිසි අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

උණු වතුර බොයිලේරුවක් ඇඟ මතට පෙරළීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ මස්කෙළිය, බ්‍රන්ස්වික් වතුයායේ, මොටින්හෑම් කොටසේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ පෙර මැලේසියාවේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, එහිදී ඔහු අවන්හලක සේවය කර තිබෙනවා.

එම අවන්හලේ සේවය කරමින් සිටිය දී උණුවතුර සහිත බොයිලේරුවක් ඔහුගේ අඟ මතට වැටීමෙන් ඔහු අනතුරකට ලක්ව තිබුණා.

බොයිලේරුවේ තිබූ උණුවතුර ශරීරයට වැටීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙම තරුණයා මැලේසියාවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටිය දී පසුගිය 04 වනදා ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස අවාසනාවන්ත ලෙස මැලේසියාවේ දී ජීවිතක්ෂයට පත් වූ දුරෙයිරාජ් රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමැති මෙම තරුණයාගේ දේහය පසුගිය දා දිවයිනට රැගෙන ආවා.

එලෙස රැගෙන ආ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පෙරවරු 2.00ට බ්‍රන්ස්වික් වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
42
+1
9
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40