spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිසබයේ තුන්වන සභා වාරය ඇරඹීමේ උත්සවයට අඩු වියදම් තේ පැන් සංග්‍රහයක්

09 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අනිද්දා (03) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ එම කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බවයි.

ඊට අදාළ පෙරහුරුවක් හෙට (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අනිද්දා පෙරවරු 10.30ට ආරම්භ වන නව සභා වාරයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා පැමිණ සිටිය යුතු වනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ දී මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම උත්සවයේ දී ජාතික ධජය පමණක් එසවීමට කටයුතු කෙරෙනු ඇති.

එමෙන්ම උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?