මැතිවරණ නීති වෙනස් වෙයි?

මැතිවරණ නීති සංශෝධනය කරමින් මැතිවරණ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

මැතිවරණයක් සඳහා තරග වදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධතිය (code of conduct) උල්ලංඝණය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් 2022 දෙසැම්බර් මස 12 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

එසේම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවන්හිදී මාධ්‍ය උපමාන (media guidelines) උල්ලංඝණය කරන අවස්ථාවන්වලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධි විධාන පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් ද 2022 වසරේ දෙසැම්බර් මස 12 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි සඳහන්.

ඉහත සඳහන් සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධි විධාන) පනත නමින් නව පනතක් හඳුන්වාදීම යෝග්‍ය බවටයි පෙනී ගොස් ඇත්තේ.

ඒ අනුව අදාළ සංශෝධනයන් ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Cabinet Decision on 12.06.2023 page 001
Cabinet Decision on 12.06.2023 page 002
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38