spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිසමේ නව සභාපති ඇතුළු සාමාජිකයින් වෙත යළි නොතිසි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කෙරුණු මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ අදාළ පෙත්සම් විභාගය අද (02) දින පැවැත්වීමට නියමිතව තිබුණත් වගඋත්තරකරුවන් වෙත පෙත්සම්කරුවන් විසින් නිසියාකාරව නොතීසි නිකුත් නොකිරීම හේතුවෙන් එය විභාග කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම් පමණක් නොව අධිකරණයට ඉදිරිපත් වන සෑම පෙත්සමක් සම්බන්ධයෙන්ම තම අධිකරණය ගැඹුරින් කරුණු සලකා බැලීමට කටයුතු කරන බවත් අගවිනිසුරුවරයා මෙහිදී අවධාරණය කළා.

අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින්ට හා එම කොමිසමේ හිටපු සාමාජිකවරියක් වූ චාල්ස් මහත්මිය වෙත යළි නොතිසි නිකුත් කර නොමැති බවත් ඔවුන් වෙත යළි නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවත් අධිකරණය මෙහිදී පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වගඋත්තරකාර චාල්ස් මහත්මිය ගෙන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ඇය වෙත නොතිසි නිකුත් කිරීමක් සිදු නොකළ බවයි.

කෙසේවතත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සමක් විභාගයට ගැනීමට අවසරදීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් එක් කෙරුණු මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින්ට හා හිටපු සාමාජික පී.එස්.එම්.චාල්ස් යන අය වෙත සතියක් ඇතුළත නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 21, 22, 29, 30 සහ දෙසැම්බර් 01 වනදා යන දිනවල සිදුකරන බවත් විනිසුරු මඩුල්ල දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?