මැතිවරණ කොමිසමේ නව සභාපති ඇතුළු සාමාජිකයින් වෙත යළි නොතිසි

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කෙරුණු මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ අදාළ පෙත්සම් විභාගය අද (02) දින පැවැත්වීමට නියමිතව තිබුණත් වගඋත්තරකරුවන් වෙත පෙත්සම්කරුවන් විසින් නිසියාකාරව නොතීසි නිකුත් නොකිරීම හේතුවෙන් එය විභාග කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම් පමණක් නොව අධිකරණයට ඉදිරිපත් වන සෑම පෙත්සමක් සම්බන්ධයෙන්ම තම අධිකරණය ගැඹුරින් කරුණු සලකා බැලීමට කටයුතු කරන බවත් අගවිනිසුරුවරයා මෙහිදී අවධාරණය කළා.

අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින්ට හා එම කොමිසමේ හිටපු සාමාජිකවරියක් වූ චාල්ස් මහත්මිය වෙත යළි නොතිසි නිකුත් කර නොමැති බවත් ඔවුන් වෙත යළි නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවත් අධිකරණය මෙහිදී පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වගඋත්තරකාර චාල්ස් මහත්මිය ගෙන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ඇය වෙත නොතිසි නිකුත් කිරීමක් සිදු නොකළ බවයි.

කෙසේවතත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සමක් විභාගයට ගැනීමට අවසරදීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් එක් කෙරුණු මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින්ට හා හිටපු සාමාජික පී.එස්.එම්.චාල්ස් යන අය වෙත සතියක් ඇතුළත නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 21, 22, 29, 30 සහ දෙසැම්බර් 01 වනදා යන දිනවල සිදුකරන බවත් විනිසුරු මඩුල්ල දින නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42