spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිෂන් සභාවෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට මැතිවරණ කොමිෂන් සභාව විරෝධය පළකර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ඒ පිළිබඳව පළාත් පාලන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දෙන බවයි.

අදාළ තීරණය මඟින් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?