මැතිවරණය තියන්න රජයෙන් බාධාවක් නැහැ – අධිකරණ ඇමති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් කොමිසමට ඇති බලතලවලට රජය කිසිදු බලපෑමක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.