මැතිවරණය කල් ගියොත් ප්‍රයෝජන ගන්න හැටි ජවිපෙ කියයි

මැතිවරණය කල් යන්නේ නම් එමගින් ද තම පක්ෂය ප්‍රයෝජන ලබාගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

සති දෙකකින් මැතිවරණය කල් ගියහොත් එම කාලසීමාව තුල ද ජන හමු සහ රැළි පවත්වන බවයි ලේකම්වරයා කියාසිටියේ.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙනවා.

ඡන්ද කල් දැමීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට රජයට නොහැකි අතර ඡන්ද කල් දැමීමෙන් තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය තවත් වැඩි වන බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ඡන්ද විමසීමකට මෙවැනි ආකාරයේ බාධා නොතිබූ අතර ව්‍යවස්ථාව රැකීමට දිවුරුම් දුන් ජනාධිපතිවරයා මැතිවරණයට බාධා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පෙන්වා දෙනවා.

මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ නඩු තීන්දුව හෙට ලබාදීමට නියමිත අතර මැතිවරණය කෙසේ හෝ දිනා ගැනීම අපේක්ෂාව බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38