මැතිවරණය කල් ගියොත් ප්‍රයෝජන ගන්න හැටි ජවිපෙ කියයි

මැතිවරණය කල් යන්නේ නම් එමගින් ද තම පක්ෂය ප්‍රයෝජන ලබාගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

සති දෙකකින් මැතිවරණය කල් ගියහොත් එම කාලසීමාව තුල ද ජන හමු සහ රැළි පවත්වන බවයි ලේකම්වරයා කියාසිටියේ.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙනවා.

ඡන්ද කල් දැමීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට රජයට නොහැකි අතර ඡන්ද කල් දැමීමෙන් තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය තවත් වැඩි වන බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ඡන්ද විමසීමකට මෙවැනි ආකාරයේ බාධා නොතිබූ අතර ව්‍යවස්ථාව රැකීමට දිවුරුම් දුන් ජනාධිපතිවරයා මැතිවරණයට බාධා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පෙන්වා දෙනවා.

මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ නඩු තීන්දුව හෙට ලබාදීමට නියමිත අතර මැතිවරණය කෙසේ හෝ දිනා ගැනීම අපේක්ෂාව බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?