spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැක්ස්වෙල්ට අනතුරක් – දිගු කාලයකට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවෙයි

මෙල්බර්න් නුවර ඊයේ පැවති උපන්දින සාදයක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ඕස්රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ගේ පාදයක් බිඳී ගොස් ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් මැක්ස්වෙල්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

අනතුරෙන් පසු ඔහු හදිසි ශල්‍යකර්මයකට භාජන කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

උපන්දිනය සැමරූ පුද්ගලයා සමඟ ගෙවත්තක දුවමින් සිටිය දී ලිස්සා යාමෙන් ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?