spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මා දැලේ පැටලුණු යෝධ ගැට කිඹුලා (විඩියෝ)

අඩි 15 ක් පමණ දිගැති කිලෝ 500 කට ආසන්න බරකින් යුත් කිඹුලෙක් පයාගල කුඩා රේල් ගේට්ටුව ප්‍රදේශයේ වෙන්ගනා මාළු හසුව තිබූ මා දැලකට (06) දහවල් පැටලී ඇතැයි පයාගල පොලිසිය පවසයි

පයාගල අතුල අබේගුණවර්ධන මහතා ට අයත් මාදැල එදින පෙරවරු 7.30 ට පමණ පයාගල කුඩා රේල් ගේට්ටුව ප්‍රදේශයේ මසුන් මැරීම සදහා වෙරළට මීටර් 500 ක් පමණ දුරකින් වටකර සිටියදී කිඹුලා පැටලී ඇතැයි සදහන් වේ.

කිඹුලා දැලට එල්ල කළ ප්‍රහාරයෙන් දැල කැපී මාළු විශාල ප්‍රමාණයක් නැවතත් මුහුදට එක් වී ඇතැයි ධීවරයන් කීය

මෙම කිඹුලා ගැට කිඹුලෙක් බව හික්කඩුව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ශාන්ත නදීසාන් මහතා පැවසීය .

ධීවරයින් පිරිසක් එක්ව නයිලෝන් ලනු සහ කඹ ආධාරයෙන් වෙලුම් යොදා අසල ඇති පොල්ගසක ගැට ගසා තිබූ අයුරු දැකගත හැකිවිය .

කිඹුලා දැකබලා ගැනීමට විශාල පිරිසක් පයාගල වෙරළට ඇදී එන අයුරුද දැකගත හැකිවිය

ධීවරයින් විසින් පයාගල පොලිසිය දැනුවත් සහ වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු සත්වයා රැගෙන යාමට හික්කඩුව වනජීවි නිලධාරීන් පැමිණ සිටියහ.

https://youtu.be/g8HGmfAyRWY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?