මා දැලේ පැටලුණු යෝධ ගැට කිඹුලා (විඩියෝ)

අඩි 15 ක් පමණ දිගැති කිලෝ 500 කට ආසන්න බරකින් යුත් කිඹුලෙක් පයාගල කුඩා රේල් ගේට්ටුව ප්‍රදේශයේ වෙන්ගනා මාළු හසුව තිබූ මා දැලකට (06) දහවල් පැටලී ඇතැයි පයාගල පොලිසිය පවසයි

පයාගල අතුල අබේගුණවර්ධන මහතා ට අයත් මාදැල එදින පෙරවරු 7.30 ට පමණ පයාගල කුඩා රේල් ගේට්ටුව ප්‍රදේශයේ මසුන් මැරීම සදහා වෙරළට මීටර් 500 ක් පමණ දුරකින් වටකර සිටියදී කිඹුලා පැටලී ඇතැයි සදහන් වේ.

කිඹුලා දැලට එල්ල කළ ප්‍රහාරයෙන් දැල කැපී මාළු විශාල ප්‍රමාණයක් නැවතත් මුහුදට එක් වී ඇතැයි ධීවරයන් කීය

මෙම කිඹුලා ගැට කිඹුලෙක් බව හික්කඩුව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ශාන්ත නදීසාන් මහතා පැවසීය .

ධීවරයින් පිරිසක් එක්ව නයිලෝන් ලනු සහ කඹ ආධාරයෙන් වෙලුම් යොදා අසල ඇති පොල්ගසක ගැට ගසා තිබූ අයුරු දැකගත හැකිවිය .

කිඹුලා දැකබලා ගැනීමට විශාල පිරිසක් පයාගල වෙරළට ඇදී එන අයුරුද දැකගත හැකිවිය

ධීවරයින් විසින් පයාගල පොලිසිය දැනුවත් සහ වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු සත්වයා රැගෙන යාමට හික්කඩුව වනජීවි නිලධාරීන් පැමිණ සිටියහ.

https://youtu.be/g8HGmfAyRWY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28