මාස 06 කට වඩා වැඩි කාලයක් බලයේ ඉන්න සූදානමක් නෑ – නේපාල නව අගමැතිනිය

තමන් ඇතුළු තම කණ්ඩායම මාස 06 කට වඩා වැඩි කාලයක් බලයේ රැඳී නොසිටින බව නේපාලයේ නව අගමැතිනිය ලෙස තෝරා පත්කරගත් සුෂිලා කාර්කි පවසනවා.

නේපාල අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, ඊයේ දින අන්තර්කාලීන අගමැතිනිය එම තනතුරේ වැඩ භාරගැනීමේ අවස්ථාවේ දී සුෂිලා කාර්කි මේ බව සදහන් කළා.

එහිදී ඇය සඳහන් කළේ තමන් මෙම තනතුරේ රැඳී සිටින්නේ බලය රස බැලීමට නොවන බවයි.

එමෙන්ම කඩිනමින් නව පාර්ලිමේන්තුවකට පාලනයේ වගකීම භාරදීමට කටයුතු කරන බවත් ඇය මෙහිදී කියා සිටියා.

මේ අතර අරගලය අතරතුර මියගිය අය “දිවි පිදූවන්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන්ගේ පවුල්වලට නේපාල රුපියල් මිලියනයක වන්දි මුදලක් ද ලබාදීමට තීරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනමකට සහ දූෂණ චෝදනාවලට එරෙහිව පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතා හමුවේ කේපී ෂර්මා ඔලි හදිසියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින ගණනක් පැවති දේශපාලන අවිනිශ්චිතභාවය අවසන් කරමින් 73 හැවිරිදි කාර්කි සිකුරාදා රාත්‍රියේ නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?