මාවනැල්ල නගරයේ විශාල ගින්නක් (ඡායාරූප)

මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ අසළ පිහිටි වෙළඳසැල් කිහිපයක ඊයේ (28) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් වෙළඳසැල් 30ක් පමණ විනාශ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය, මාවනැල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඇති වූ ගින්න ඊයේ රාත්‍රියේම මැඩපවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන අරඹා ඇති බව සඳහන්.

WhatsApp Image 2024 01 29 at 8.47.58 AM
WhatsApp Image 2024 01 29 at 8.47.59 AM
WhatsApp Image 2024 01 29 at 8.48.00 AM