මාලදිවයින් ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Hassan Amir අද (ජූලි 02) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවුණා.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි කර්නල් අමීර් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව පැවති සාකච්ජාවේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් අවස්ථාවන්හිදී ඵලදායී සන්නිවේදනය සහ සහයෝගීතාවය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවයේම කැපවීම පිළිබිඹු කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද මෙම අවස්ථාවට එක් වුණා.

කලාපීය සාමය, ආරක්‍ෂාව සහ අන්‍යොන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර, පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සාමුහික කැපවීම මෙම හමුව ඔස්සේ තවදුරටත් අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?