මාලදිවයින් ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Hassan Amir අද (ජූලි 02) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවුණා.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි කර්නල් අමීර් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව පැවති සාකච්ජාවේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් අවස්ථාවන්හිදී ඵලදායී සන්නිවේදනය සහ සහයෝගීතාවය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවයේම කැපවීම පිළිබිඹු කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද මෙම අවස්ථාවට එක් වුණා.

කලාපීය සාමය, ආරක්‍ෂාව සහ අන්‍යොන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර, පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සාමුහික කැපවීම මෙම හමුව ඔස්සේ තවදුරටත් අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28