මාලදිවයින් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකික ධීවර යාත්‍රාවේ තිබි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 297 ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක් උර 24ක අසුරා තිබිය දී මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර බවට සැකපිට ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු සමඟ “අවිශ්ක පුතා” නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේ දී පසුගිය 09 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
අවිශ්ක පුතා ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස මේ වන විට එරට දූපතක රඳවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු ධීවරයින් පිරිස එරට නීතිමය උපදෙස් පරිදි මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.




