මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.

මෙම මරණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

මේ පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් තිබෙන අතර එම පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වන දින යොමු කර තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ (21) දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?