AFC Banner
Empty Ad
Empty Ad

මාරාන්තික අනතුරක් සිදුකර රියදුරු පලා ගිහින්

ගම්පහ – යක්කල මාර්ගයේ යක්කල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 48ක යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීමට යක්කල පොලීසිය විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?